ආයුබෝවන්
මැද පෙරදිග වෙබ් අඩවියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු
Tuesday, August 24, 2010
|
‘සන්සී’ නැව හරවා යවන ලෙස කැනේඩියානුවෝ ඉල්ලතිසරණාගතයින් ලෙස නීති විරෝධිව කැනඩාවට ඇතුළු වූ ත්‍රස්ත සැකකරුවන් ඇතුළු පිරිස රටින් පිටමං කරන්නැයි එරට වැසියන් ඉල්ලා සිටින බව පැවසේ. එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සැකකරුවන් ඇතුළු සරණාගතයින් රැගත් එම්.වී සන් සී නෞකාව පසු ගිය සතියේදී කැනඩාවට ලඟා විය. එහි සිටි පුද්ගලයින් සරණාගතයින් ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරාත්මක සමීක්ෂණ ආයතනයක් කැනඩා වැසියන්ගෙන් මත විමසුමක් සිදු කර ඇති ඇති බව එරට වාර්තා පවසයි. එහිදී කැනේඩියානුවෝ 63% ක්ම ප්‍රකාශ කර ඇත්තේ එම නෞකාව වහාම හරවා යැවිය යුතු බවයි. නීති විරෝධීව මෙලෙස පැමණෙන ත්‍රස්තවාදින් ඇතුළු අපරාධකරුවන් නීතියානු කූල ලෙස පිළිගැනීම තුළින් ලෝකයට වැරදි ආදර්ශයක් ලබා දෙන බව ද ඔවුන් ප්‍රකාශ කර ඇත.
බිළිඳා ගඟට විසිකළ මවට මාංචු
කටුනායක කොවින්න ගඟේ තිබී බිළිඳු මළසිරුරක් සොයා ගත් පොලිසිය එම බිළිඳාගේ මව අත් අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය කටුනායක -කොවින්න, ආඩිඅම්බලම ප්‍රදේශයේ නවාතැන්පළක සිටියදී අත් අඩංගුවට ගත් බව කටුනායක පොලිසිය පවසයි. -------------------------
මර්වින් ගැන විනය පරීක්‍ෂණයට විශේෂ ත්‍රිපුද්ගල මණ්‌ඩලයක් ------------------------------- සක්විතිගෙන් ඉඩම් මිලට ගත් -------------------------
සක්විතිගෙන් කුඩු කෑ ඉහලම පොලිස් ලොක්කන් දෙදෙනෙකුත්
මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති දැනට රහස් පොලිස් භාරයේ පසුවන සක්විති රණසිංහ සමඟ අයථා ලෙස ගණුදෙනු සිදුකල ඉහල පොලිස් නිළධාරීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු හෙලි වෙමින් පවතින බව වාර්තා වෙයි. ශ‍්‍රී ලංකා පොලීසියේ හිටපු ඉහලම නිළධාරියෙකුත් දැනටත් පොලිසියේ සේවය කරන පොලිස් අධිකාරීවරයෙකුත් සම්බන්ධයෙන් මෙලෙස තොරතුරු අණාවරණය වෙමින් පවතී. මොවුන් දෙදෙනා විසින් රුපියල් මිලියන ගණන් මුදල් සක්විතිගේ මූල්‍ය ආයතනයේ ඉහල පොලියක් බලාපොරොත්තුවෙන් තැන්පත් කර ඇති අතර මූල්‍ය ආයතය බංකොලොත් වන්නට පෙර ඔවුන්ගේ මුදල් සිය නිල බලය ප‍්‍රයෝජනයට ගෙන ලබාගෙන ඇති බවටත් සාක්‍ෂි ලැබී ඇතැයි තහවුරු නොකල ආරංචි මාර්ග වාර්තා කරයි. පසුව සක්විති රණසිංහට මෙරටින් පිටවන්නටද ඔවුන් අප‍්‍රකට ප‍්‍රබල සහයෝගයක් ලබා දුන් බවත් සඳහන්ය.
--------------------------------
|
---------------------------------------------------------------------සක්‌විති කළ වරද කොතරම් බරපතලද?
මීට අවුරුදු දෙක හමාරකට පමණ පෙර, මෙරට මූල්‍ය ක්‍ෂේත්‍රය තුළ විශාල ආන්දෝලනයක් ඇති කළ මෙන්ම ඉතාම වැදගත් පාඩමක් කියා දුන් තැනැත්තෙකි සක්‌විති. ඊට ප්‍රධාන හේතුව වන්නේ, ඔහු විසින් ප්‍රසිද්ධියේ පවත්වාගෙන ගිය මූල්‍ය ආයතනය තුළ වැඩිම පොලී ප්‍රතිශතයක් ගෙවමින් රු. කෝටි දහසක පමණ මුදල් වංචාවක් සිදුකර, අවසානයේ කාට කාටත් හොරෙන් ඔහු රටින් ද පලා යැමයි. ඔහු මෙම වංචාව කළ හේතුවෙන්, ඔහු පමණක් නොව තවත් එවන් වංචනිකයන් ගණනාවක්‌ම හඳුනා ගැනීමට ද හැකිවීමෙන් මොහුගේ වටිනාකම තව තවත් වැඩි විය. එA අනුව සක්‌විති ආයතනය පමණක් නොව ගෝල්ඩන් කී මෙන්ම දැඩි දඬුවම්, සුළු දඬුවම් ආදී තවත් පුද්ගලයන් සහ ආයතන ගණනාවක් හඳුනා ගැනීමට ද මග පෑදින. ඊට පෙරද, ප්‍රමුඛ නමින් තවත් ආයතනයක් මෙබඳු චෝදනාවකට ලක්‌වූ අතර, එA අවස්‌ථාව එතරම්ම ආන්දෝලනයකට තුඩු නොදුන් අතර පාඩමකට ගත්තේ ද නැත. ඇත්ත වශයෙන්ම සක්‌විති රටට සහ රජයට ඉගැන්වූයේ අගනා පාඩමකි. ඔහු මෙම ඉගැන්වීමට පෙරද ඉංගී්‍රසි ඉගැන්වීම පිළිබඳව සැබෑ දක්‍ෂයෙක් බව රටට ඔප්පු කළ අයෙකි. ඔහු ඉංගී්‍රසි උගන්වන සමයේ සක්‌විති සර් (Sසර) විය. එA බව ඕනෑ තරම් මාධ්‍ය තුළ සඳහන් විය. එහෙත් මෙම මූල්‍ය ආයතනය පවත්වාගෙන යැමෙන් සහ එA තුළ සිදුවූ වංචාවෙන් පසු ඔහු සක්‌විති නමැති පුද්ගලයකු විය. මේ වන විට සෑම මාධ්‍යයක් තුළින්ම ඔහු හඳුන්වනු ලබන්නේ සක්‌විති නම් පුද්ගලයා ලෙසටය. සැබවින්ම මෙම ඉගැන්වීම් දෙකම සිදු කළ ආයතන දෙකම වංචනික මෙන්ම පුද්ගලයකු විසින් පවත්වාගෙන යැමට අකැප ආයතන දෙකකි. එහෙත් මෙම ආයතන දෙකම හොර රහසේ නොව ප්‍රසිද්ධියේ පවත්වාගෙන ගිය ආයතන දෙකකි. මෙම ආයතන දෙකෙහිම පැවැත්ම පිණිස රජයෙන් ද කිසිදු බාධාවක් නොවීය. එම ආයතන ඔවුනට රිසි පරිදි පවත්වාගෙන යැමට රජය විසින් ද අවශ්‍ය වටපිටාව නිර්මාණය කර තිබිණි. එපමණක් නොව එම පාඩම් කියා දී තිබියදීත්, මේ මොහොත වන තෙක්‌ම රජය විසින් තවමත් එවන් ක්‍රියාකාරකම් සිදු කිරීමට ඇති වටපිටාව අහුරා දමා නැත. එA අනුව කොටු කරගෙන දඬුවම් පමුණුවන්නට හැකිවූ සක්‌විති ආයතනය සහ ඉහත සඳහන් කළ අනෙකුත් ආයතන පමණක් නොව, තවත් වංචනිකයන් සහ එවන් ආයතන බොහොමයක් නිදැල්ලේම තමුන්ගේ වංචනික කටයුතු එලෙසින්ම මේ රට තුළ අදටත් ප්‍රසිද්ධියේම පවත්වාගෙන යමින් ඇත. කෙටියෙන් සඳහන් කරනවා නම්. අධ්‍යාපන කටයුතු, මුල්‍ය කටයුතු, සෞඛ්‍ය කටයුතු සහ සුබසාධන (රක්‍ෂණ වැනි) කටයුතු යනාදී සියල්ල 100% ක්‌ම පවත්වාගෙන යායුතු වන්නේ, රජයේ පාර්ශ්වය විසින්ය. පෞද්ගලික අංශයට පැවරිය යුතු වන්නේ, නිෂ්පාදන කටයුතු, වෙළෙඳ කටයුතු සහ ඉදිකිරීම් කටයුතු යනාදිය පමණි. අප රට තුළ එය එසේ නොවන හෙයින්, මෙවන් අක්‍රමිකතා සිදුවීම වැළකීමට ද නොහැකි ප්‍රධාන හේතුව බවට පත්ව ඇත. මේ අනුව අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළද, මූල්‍ය ක්‍ෂේත්‍රය තුළද, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළද, රක්‍ෂණ සහ සුබසාධන ක්‍ෂේත්‍රයන් තුළද, මෙවන් අක්‍රමිකතා බොහෝ සිදු වන බව නොරහසකි. එවන් ක්‍ෂේත්‍රයන්ගෙන් කොටසක් මේ වන විට පෞද්ගලික අංශ විසින් පවත්වාගෙන යන ප්‍රසිද්ධ ආයතන බවට පත්ව ඇති අතර, මේ රටේ අහිංසක ජනතාව වක්‍ර ලෙස සූරා කන මහා පරිමාණ වංචනික ආයතන බවට ද පත්ව ඇත. සක්‌විති විසින්ද පවත්වාගෙන ගියේ මෙවන් ආයතනයක්‌මය. එA අනුව මෙවන් ආයතනවල සාමාන්‍ය ස්‌වභාවය වන්නේ, වර්තමානයේ පවතින තරගකාරීත්වය තුළ නැඟී සිටීම සඳහා ජනතාව ආකර්ෂණය කරගන්නට හැකි ප්‍රචාරණ කටයුතු ඇතුළු විවිධ උපක්‍රම කරගෙන යැමයි. ඊට අමතරව එවන් මූල්‍ය ආයතන විසින් තම පැවැත්ම සඳහා අවශ්‍ය මුදල් තැන්පතු ලබාගැනීම පිණිස වැඩි පොලී ප්‍රතිශතයක් හඳුන්වාදීම විශේෂිත ලක්‍ෂණයකි. එමෙන්ම එලෙස ලබාගන්නා තැන්පත් සඳහා නිසි පොලිය ගෙවීම පිණිස ඊටත් වඩා වැඩි පොලී ප්‍රතිශතයක් ද සහිතව එම මුදල් නැවතත් ණයට දීමයි. එහෙයින් එම පොලිය කුමක්‌ද යන්න නිගමනය කළ යුතු වන්නේ, එම ආයතනයේ පැවැත්ම සඳහා යොදවන මූලික සහ කාරක ප්‍රාග්ධනය ද, ආයතනික ලාභය ද, ඇස්‌තමේන්තු කරනු ලබන අවදානම ද, ආවරණය කරගැනීමේ ඉලක්‌කය මතය. එA අනුව ඉතාමත් වැඩි පොලියක් අයකර ගැනීම අනිවාර්යයෙන්ම සිදු වුවද, ණයට ගනු ලබන තැනැත්තාගේ කැමැත්ත දිනා ගැනීම පිණිස මතුපිටින් පෙන්වන ලද පොලියට වඩා වැඩි පොලියක් අයකරන ක්‍රමවේද ගණනාවක් මෙවන් ආයතන විසින් අනුගමනය කරනු ඇත. එA අනුව අනවබෝධයෙන් යුතුව වර්තමාන ආර්ථික රැල්ලට හසුවී ඇති සහ මෙම මුදල් ණයට ගනු ලබන පුද්ගලයා, ඉතාමත්ම කෙටි කාල පරාසයක් තුළ නොදැනුවත්වම අමාරුවේ වැටෙනවා නියතය. ඔහු එසේ අමාරුවේ වැටෙනවාය යන්නෙහි තේරුම වන්නේ, එම ආයතනය ද, එම ආයතනය තුළ මුදල් තැන්පත් කරනු ලබන පුද්ගලයා ද අමාරුවේ වැටෙනවාය යන්නයි. කෙසේ වෙතත් ජීවිතවලින් පවා දැඩි දඬුවම් ලැබූ සහ ලබාදිය යුතුය සඳහන් වන මේ බරපතල වරද කරනු ලැබුවේ, සක්‌විතිල, කොතලාවලල, දැඩි දඬුවම්ල සහ දඬුවම්ල පමණද? මෙවන් මහා පරිමාණ සහ කුඩා පරිමාණ වැරදි කරන අය මේ රට තුළ විරාජමානව තවදුරටත් වංචනික කටයුතු සිදු කරන්නේ නැතිද? මෙවන් වංචනික කටයුතු නිදැල්ලේ කරගෙන යැම පිණිස කිසිදු පාලනයකින් තොරව ඉඩහැර බකංනිලාගෙන සිටීම රජය විසින් කරනු ලබන වරදක් නොවේද? කුමක්‌ද මේ පිළිබඳ රජයේ වගකීම? මේවට ලැබිය යුතු දඬුවම් මොනවාද? එපමණක් නොව, මේ සක්‌විතිලා මිනිස් සහ සත්ව ඝාතනවලට හවුල් ද. සෘජුවම සොරකම් කරල තිබේද? ගණිකා මඩම් පවත්වාගෙන ගොස් තිබෙනවාද? මත්ද්‍රව්‍ය සහිත ආපන ශාලා හෝ මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ ද, ඔවුන් දැන දැනම මෙම පස් පවෙහි යෙදුණාද, හිතාමතාම මෙම වංචනික කටයුතු සිදු කළාද, එසේත් නැතිනම් නොදැනුවත්කම තුළ, රට යන අත බලාගෙන එම තරගයට පිවිසුණාද, එA අනුව සක්‌විතිල කළ වැරදිවල බරපතලකම තීන්දු කළ යුතු වන්නේ එලෙසින් නොවේද? සමාජය තුළ ඔවුන් හංවඩු ගැසිය යුතු වන්නේ එAවාට සාපේක්‍ෂව නොවන්නේද, සිතා මතාම බරපතල ලෙස පස් පවෙහි යෙදෙන තවත් අය මේ රට තුළ විරාජමානව වැජඹෙන්නේ නැතිද? ඔවුන්ට සමාජය තුළ හිමිව ඇති තැන කුමක්‌ද? ඔවුන්ට සමාජයෙන් ලැබෙන වරප්‍රසාද සහ ගරු බුහුමන් කොපමණද? මේවා පරමාදර්ශය ගන්නා පෘථග්ජනයා මෙවන් වැරදිවලට නොපෙළඹෙන්නේද? යන්න ගැන සැලකිල්ලට ගෙන, වගකිවයුතු රජය සහ එම ආයතන විසින් මෙම වගකීම භාරගත යුතු නොවන්නේද? රජයක් විසින් දැරිය යුතු වගකීම සහ යුතුකම පැහැර හැර, පෘථග්ජන මිනිසුන්ට නිදැල්ලේ එකිනෙකා පරයා යමින් සහ සියලුම කපටි කයිරාටිකකම් කරගෙන යන්නටද, ධනය සහ සම්පත් සිතැඟි පරිදි රැස්‌කර ගැනීමට ද ඉඩහැර, ඔවුන්ව වරදට පොළඹවා, අවසානයේ රට හොලවන මාතෘකාවක් බවට ද පත් කර දැඩි දඬුවම් පැමිණීම වටීද? එනිසා රජයක යුතුකම සහ වගකීම වන්නේ, සමාජය තුළ කිසිවකුට වැරදි කළ නොහැකි වන වටපිටාවක් නිර්මාණය කර, පෘථග්ජන මිනිසුන් දැඩි පාලනයකට නතු වන ආකාරයට තම යුතුකම සහ වගකීම දැරීම නොවන්නේද? එහෙයින් සක්‌විතිගෙන්වත් ඉගෙන නොගත් මෙම පාඩම, රජය විසින් නැවත කාගෙන්වත් ඉගෙන ගනීවීද යන්න සැක සහිතය. එහෙයින් රජය විසින් මේ මොහොතේ හෝ පාඩමකට ගත යුතු වන්නේ, මූල්‍ය ආයතන සහ මූල්‍ය කටයුතු යනු, රාජ්‍ය අංශය විසින්ම පවත්වාගෙන යායුතු පූර්ණ සේවාවක් පමණක් වන බවත්, එය පෞද්ගලික අංශයට අකැප වූ කටයුත්තක් බවත්, වටහාගෙන කටයුතු කිරීමයි. එමෙන්ම මුදල් සහ මූල්‍ය ආයතන ලොවට නිර්මාණය වී ඇත්තේ, ලාබ ඉපැයීමට හෝ මුදල් මැවීම සඳහා නොවන බවත්, රට තුළ ධනය සහ සම්පත් ඉපැයීමට නන් අයුරින් සහාය සැපයීම මෙන්ම එA සඳහා ඇති වන බාධක ඉවත් කිරීම සඳහා වන බවයි. එමෙන්ම මීට පෙර සඳහන් කළ පරිදි රජය විසින් සිදු කළ යුතු සියලුම සේවා සහ ශුභ සාධන කටයුතු රජයට පවරාගත යුතු අතර, පෞද්ගලික අංශය විසින් පවත්වාගෙන යායුතු සියලුම ලාභ ඉපැයීමේ කාර්යයන් 100% ක්‌ම පෞද්ගලික අංශයට ද, පැවරිය යුතු වන බවයි. එපමණක් නොව මෙවන් තවත් සංශෝධන බොහොමයක් සිදු කර, අපේක්‍ෂිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට ද ඇතුළත් කරගත යුතු වන බවයි. එවිට තවත් සක්‌විතිලා මේ රට තුළ නැවතත් නිර්මාණය නොවනු ඇත. එමෙන්ම තවත් එවන් බොහෝ අකටයුතු රට තුළ සිදු නොවනු ඇත. කෙසේ වෙතත් සක්‌විති යනු, මේ රටට වැඩදායක වන, ලංකා මාතාවගේ තවත් දක්‍ෂ දරුවෙකි. ඔහු මෙම වැරැද්ද සිදු කර ඇත්තේ, තම ඥති මිත්‍රාදීන්ගෙන් වෙන්වී, අඹු දරුවන් සමග හිරේ විලංගුවේ තම ජීවිතය ගත කරන්නට නම් නොවන්නේය. කිසිසේත්ම එවන් ෙච්තනාවක් මුල් කරගෙන මොහු විසින් මෙය වංචනික සිතකින් අරඹන්නට නැතිව ඇති. ඔහු දක්‍ෂ සහ ආකර්ෂණීය ගුරුවරයකු වූ හෙයින්ද, රටේ ප්‍රසිද්ධියට පත්වූ පුද්ගලයකු වූ හෙයින්ද, එවන් පුද්ගලයන්ට මහා පරිමාණයෙන් මුදල් මවන්නට හැකි වන හෙයින්ද, වැඩිපුර මුදල් මවාගත් පසු මේ රට තුළ නොකළ හැකි විස්‌කමක් නොවන හෙයින්ද. එසේ කරන්නට අවකාශ තිබූ හෙයින්ද, තවත් බොහෝ දෙනා විසින් එසේ සිදු කර පරමාදර්ශයක් සපයා ඇති හෙයින්ද, ඔහුද එසේ කරන්නට ඇති. එමෙන්ම ඔහු ගැන අසන්නට සහ දැනගන්නට ඇති අලුත්ම තොරතුරු අනුව ඔහු සතුව යම් මුදලක් හෝ වෙනත් සම්පතක් ද ඉතිරිව නැත. එA අතර ඔහු විසින් රැස් කරගත් මුදල් සමග කැසිනෝ නම් සූදුවක යෙදී ඇති බවද, එනිසාම ඔහු එම මුදල් නැති නාස්‌ති කර ඇති බවට ද දැනගන්නට ඇත. අනතුරුව මුදල් නොමැති වූ විට ඔහුට මුහුණ දීමට සිදුවූ බරපතල තත්ත්වය මත රටින් පලා යන්නට ද ඇත. එහෙත් එම සුදුව කෙලින්නට වුවද, ප්‍රසිද්ධියේ වටපිටාවක් නිර්මාණය වී තිබුණේ අප රට තුළමය. රජයේ සහ වගකිවයුතු අංශවල අවසරය ද පරිදිය. මෙවන් පිටපිටාවක් තුළ, ඔහුගේ අධික තණ්‌හාව නිසාම මෙම ඉරණමට ගොදුරු වන්නට ඔහුට සිදු වන්නට ද පිළිවන. එහෙත් ඔහුට මුදල් ලබාදුන් දහස් ගණනක් ජනතාව තුළ තිබුණේ එම තණ්‌හාවම නොවේද? තණ්‌හාව නැති මිනිසුන් මේ ලෝකයේ ඇතිදැයි සිතීමට ද නොහැක. මෙම තණ්‌හාව නිසාම මිනිසුන් බොහෝ අක්‍රමිකතා සිදු කරන බව නොරහසකි. තණ්‌හාව යනු සත්ව ස්‌වභාවයයි. සිතන්නට තරම් මොළයක් පිහිටා ඇති හෙයින් සතුන් අතරින් ඉතාමත්ම උපක්‍රමශීලීව ආශාවන් සපුරා ගැනීමට මිනිසා සමත්ය. එනිසාම මිනිසා සතු වන එම ආත්මාර්ථකාමී තත්ත්වය පාලනය කරගනු පිණිස, රජය සහ රාජ්‍ය සංකල්පයක් ලොව තුළ නිර්මාණය වී ඇත. එහෙයින් රජයක හෝ රාජ්‍ය නායකයන්ගේ වගකීම සහ යුතුකම වන්නේ, අනෙකා පරයා යමින්, තවකෙකු පාගා දමමින් සහ අසරණ කරමින්, ශක්‌තිවන්තයා, බලවතා හෝ කපටියා නැඟී සිටීම වළකාලීමයි. එහෙයින් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය රටක් රාජ්‍යයක් හෝ සමාජ සංස්‌ථාවක් තුළ සුරක්‍ෂිත නම්, මෙවන් විපත්වලට මුහුණදීමට මිනිසුන්ට සිදුවන්නේ නැති වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදයෙහි සහ සමාජවාදයෙහි සැබෑ ලක්‍ෂණය වන්නේ අසහනයෙන් තොර වූද, ධනාත්මක මෙන්ම ගුණාත්මක ආකල්පවලින් යුක්‌ත වූද, ඉතාමත්ම විනීතව සහ සංයමයකින් යුතු වන සමාජ වටපිටාවකි. |
සුරූපී තරුණියන් රට යවා ගණිකා සේවයේ
යොදවන ජාවාරමක් හෙළි වෙයි
රැකියා ලබා දෙන බව කියමින් සුරූපී තරුණියන් රවටා ඔවුන් විදේශ රටවල ගණිකා මධ්‍යස්‌ථානවලට යෑවීමේ සංවිධානාත්මක ජාවාරමක සුqලමුල රහස් පොලිසිය මගින් අනාවරණය කර ගෙන ඇත.
මෙම සංවිධානාත්මක ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ අපරාධකරුවකු රහස් පොලිසිය මගින් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින අතර තවත් අපරාධකරුවන් කණ්‌ඩායමක් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. මෙම සංවිධානාත්මක කණ්‌ඩායම විසින් රැකියා ලබාදෙන බව පවසා සිංගප්පූරුවට රැගෙන ගිය සුරූපී තරුණියන් 25 දෙනකු පමණ බලහත්කාරයෙන් ගණිකා මධ්‍යස්‌ථානයේ සේවය කිරීම සඳහා යොදවා සිටින බවද අනාවරණය වී ඇත.
මේ පිළිබඳ තොරතුරු හෙළි වී ඇත්තේ සිංගප්පූරුවේ ගණිකා මධ්‍යස්‌ථානයක සිර කර ගෙන සිටි තරුණියක් ඉන් මිදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුවය.
පරීක්‍ෂණවලින් හෙළි වී ඇති අන්දමට මෙම ජාවාරමට සම්බන්ධ අපරාධකරුවන් කොළඹ මීගමුව ඇතුළු ප්‍රදේශ කීපයක සිට මෙම ජාවාරම කරගෙන යයි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවකු මීගමුව ප්‍රදේශයේ විදේශ රැකියා මධ්‍යස්‌ථානයක් පවත්වාගෙන යමින් මෙම ජාවාරම කරගෙන යන බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.
විදේශ රැකියා සඳහා යන තරුණියන් වඩාත් සැලකිලිමත් වන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටින අතර මෙම මිනිස් ජාවාරමේ නිරත වන්නන් පිළිබඳ තොරතුරු වෙතොත් වහාම රහස් පොලිසිය වෙත දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටියි.
-----------------------------------
සදාචාර විරෝධී ලෙස ආගම් ප්‍රචාරය කළ
මූලධර්මවාදීන් පොලිස් භාරයට
සදාචාර විරෝධී අන්දමින් ආගම් ප්‍රචාරයේ යෙදී සිටි ක්‍රිස්‌තියානි මූලධර්මවාදී කණ්‌ඩායමක් අල්ලා කොස්‌ගම පොලිසියට භාරදීමට එම ගම්වාසීන් කටයුතු කර ඇත. ඊයේ උදය වරුවේ මෙම කණ්‌ඩායම අවිස්‌සාවේල්ල, පුවක්‌පිටියේ මිරිස්‌වත්ත ගම්මානයේ මෙලෙස අයථා ආගම් ප්‍රචාරයේ යෙදී සිට ඇත. ඊයේ (17 දා) උදයවරුවේ යොහෝවඃගේ සාක්‌ෂිකාරයෝ නම් පත්‍රකාද, බයිබල් ද ගම්වාසීන්ට බෙදමින් සිටි මෙම කණ්‌ඩායම පිළිබඳ තොරතුරු මිරිස්‌වත්ත ජීවකාරාම විහාරවාසී දෙහිපාගොඩ විජිතනන්ද හිමියන්ට දැන ගැනීමට ලැබී ඇත.
ඉන් පසු ක්‍රියාත්මක වූ උන්වහන්සේ එම පිරිසකගේ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ "අප සේවය කිරීමට පැමිණි බවයි". පසුව ඔවුන් පරීක්‌ෂා කිරීමේදී බයිබල් සහ ආගමික පත්‍රිකා හමුවී ඇති ඇත. පසුව කොස්‌ගම පොලිසියට දැනුම් දීමෙන් පසු ඔවුන් පොලිසියට ගෙන ගොස් ඇත. දස දෙනකුගෙන් පමණ යුත් මෙම ආගමික කල්ලියේ සාමාජිකයන් 10 දෙනකු පමණ සිට ඇති අතර ඉන් හසුවී ඇත්තේ හයදෙනකු පමණි. ඒ සියලු දෙනා මෑතකදී අවිස්‌සාවේල්ල ප්‍රදේශයේ පදිංචිවූවන් බවට දෙහිපාගොඩ විජිතනන්ද හිමියෝ පැවැසූහ.
-----------------------------------
කථිකාචාර්යවරයෙක්, උපාධිධාරී ගුරුවරියන්, ව්‍යාපාරිකයන් හා ඇඟලුම් සේවිකාවන් ගණිකා නිවාසයකදී මාට්ටු වෙයි
මහරගම – පමුණුව දේවාල පාරේ කුලියට ගත් නිවසක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා තිස් තුන් දෙනෙකු (33) අත්අඩංගුවට ගත් බව මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. අත්අඩංගුවට පත්වූවන් අතර ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් තිදෙනෙකු, අනියම් සම්බන්ධතා පැවැත්වූ ජෝඩු දහ තුනක්, කළමනාකරු හා සහායකයන් තිදෙනෙක් වන බව පොලිසිය කියයි.
පොලිස් උපාය දූතයකු ගැනුම්කරුවකු සේ යොදවා කළ මෙම වැටලීමේදී අත්අඩංගුවට පත් වූ ජෝඩු අතර කථිකාචාර්යවරයෙක්, උපාධිධාරී ගුරුවරියන්, ව්‍යාපාරිකයන් හා ඇඟලුම් සේවිකාවන් වන බව පොලිසිය කියයි.
මෙම මධ්‍යස්ථානයේ සේවය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් ගෙන් රුපියල් දෙදහස් පන්සියයක් ලබා ගෙන ජංගම දුරකථන මගින් ගණිකාවක් සපයන බවත් එයට අමතරව කාමර කුලිය වශයෙන් රුපියල් හත්සිය පනහක මුදලක් ලබාගන්නා බව හෙලිවූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් ජෝඩු දහතුන අවවාද කර මුදා හැරීමට පොලිසිය පියවර ගෙන ඇත. අත්අඩංගුවට පත් ගණිකාවන් දෙහිවල, මංඩාවල හා මොරටුව පදිංචිකරුවන් බව පොලිසිය කියයි. එම කාන්තාවන් තිදෙනා, කළමනාකරු හා සහායකයන් තිදෙනා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ මෙහෙයුම පැවැත්වී ඇත.
--------------------------------
පදක්‌කම් සම්මාන ආපසු දෙන්න මා ළඟ නෑ
- අනෝමා ෆොන්සේකා
සරත් ෆොන්සේකා මහතාට ලැබුණු පදක්‌කම් සම්මාන ආණ්‌ඩුව නැවත ඉල්ලා සිටියහොත් දෙන්න දෙයක් තමන් සතුව නැතැයි අනෝමා ෆොන්සේකා මහත්මිය පැවැසුවාය.
මගේ සැමියා විශ්‍රාම ගිහිං කොච්චර කල්ද? ඔය පදක්‌කම් සම්මාන කොයි කාලේ ලැබුණු ඒවාද? දැන් ඒවා කොහේද කියල මම දන්නේ නැහැ. ඒක තියා යුනිෆොaම්වත් නැහැ. ඉතින් ආණ්‌ඩුව ඒවා ඉල්ලනවා නම් නැති දෙයක් අපි කොහොම දෙන්නදැයි ෆොන්සේකා මහත්මිය ප්‍රකාශ කළාය.
මේ යුද අධිකරණය පටන්ගත්තු දවසේ ඉඳලාම වැරැදියි. එයින් අපි සාධාරණයක් බලාපොරාත්තු වුණේ නැහැ. මගේ සැමියා වරදකරු කරලම පටන්ගත්තු නඩුවක්. මුළු ලෝකෙම දන්නවා මේ නඩු ගැන. අපි මේ තීන්දුවට එරෙහිව අභියාචනා කළාට ඵලක් වේවිද කියා කියන්නත් බැහැ. නීතිපතිවරයා කියයි ජනාධිපති අත්සන් කළ නිසා ඊට එරෙහිව යන්න බැහැ කියලා යෑයි ද ඇය පැවැසුවාය.
----------------------------------

විශාල කර බලන්න
---------------------------------














